Monday, January 16, 2012

අදත් ඔබ එනතුරා බලා ඉඳිමි

මලානික හිරු එළිය අහසට
තබා කලුවර නික්ම යන විට
අදත් ඔබේ සුසුමන් පෙලයි මා
මුදා හැර ඔබ ගිය දා සිට


මග දෙපස මැයි මාර ගස් වල
මල් නොපාගා යනෙන කල මට
ඔබෙ වත සුවදින් පිරෙයි නෙත
නුහුරූ වූ කඳුලින් තැවෙන විට


අහස් කුසුම දෙස බලා 
තැවෙන විට මේ දැස
කඳුලෙන් තෙමෙන විට
ඔබේ තුරුලේ රැදෙන්නට මා
පතමි මේ ලෙස අද එදා මෙන් 



No comments:

Post a Comment